ශිෂ්‍ය විරෝධතා අතරතුර බංග්ලාදේශයේ දරුවන් 30වට වැඩි පිරිසක් මරුට

අගෝ 03, 2024

    පසුගිය මාසයේ බංග්ලාදේශයේ පැවති ශිෂ්‍ය විරෝධතා අතරතුර අවම වශයෙන් ළමුන් තිස්දෙදෙනෙකු මිය ගොස් ඇතැයි, එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය පවසනවා.

    ඝාතනයට ලක්වූ කුඩාම දරුවාගේ වයස අවුරුදු 05ද සම්පූර්ණ වී නොමැති බවයි, යුනිසෙෆ් ප්‍රකාශකයෙකු කියා සිටියේ. මියගිය අයගෙන් වැඩි දෙනෙකු විරෝධතා පැවති ප්‍රදේශ ආශ්‍රිතව සිටි අයයි. BBC මාධ්‍ය නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, විරෝධතා අතරතුර මිය ගිය 200 ක පමණ පිරිසට මෙම ළමුන්ද ඇතුළත් වනවා.

    යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්‍ෂ සංජේ විජේසේකර කියා සිටියේ, මේ සතියේ බංග්ලාදේශයේ කළ සංචාරයකදී ළමයින් රඳවා තබා ගැනීම පිළිබඳව ද තමාට දැනගැනීමට හැකිවූ බවයි. මියගිය ළමුන් අතර වයස අවුරුදු 13 හා ඊට වැඩි අයද වනවා.

    වයස අවුරුදු පහට අඩු එක් ළමයෙකු සහ වයස අවුරුදු 6 ත් 12 ත් අතර ද දරුවෙකු ඒ අතර සිටින බව තහවුරු වී තිබෙනවා. යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කර ඇති මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් රජයට කිසිඳු තොරතුරක් ලැබී නොමැති බවයි, බංග්ලාදේශ තොරතුරු පිළිබඳ අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් පවසන්නේ.

    Latest News