ඊශ්‍රායලය ආරක්ෂාකරගැනීමට අමෙරිකාවෙන් යුධ නැව් සහ ප්‍රහාරක ජෙට් යානා

අගෝ 03, 2024

    ඉරානය සහ ඉරානය පිටුබලයලත් කණ්ඩායම් විසින් එල්ල කළ හැකි ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීම සඳහා ඇමෙරිකාව අමතර යුද නැව් සහ ප්‍රහාරක ජෙට් යානා, මැද පෙරදිගට යොදවනු ඇති බව පෙන්ටගනය පවසනවා.

    ඉරානයේ හමාස් නායක ඉස්මයිල් හනියේ සහ ලෙබනන් සටන්කාමී සංවිධානයක් වන හිස්බුල්ලාහි ප්‍රධාන අණදෙන නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මැදපෙරදිග කලාපයේ දැඩි අර්බුද කාරී තත්වයක් මතුවී තිබෙනවා. කලාපයෙන් එල්ල විය හැකි ඊශ්‍රායලයට එරෙහි ඕනෑම ප්‍රහාරයකට ඇමෙරිකානු මිසයිල ආරක්ෂක පද්ධති සහ විශේෂ හමුදා යෙදවීමට වැඩි සූදානමක් ඇති බවයි, පෙන්ටගනය පවසන්නේ.

    ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි, හමාස් නායක ඉස්මයිල් හනියේ ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එරෙහිව දැඩි දඬුවම් ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළා. ඊශ්‍රායලයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමටත්, හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපදය සූදානම් බවත්, පෙන්ටගනය නිකුත් කරන ලද නිවේදනයක සඳහන්. අතිරේක බැලස්ටික් මිසයිල ආරක්ෂණ හැකියාව ඇති කෲස් මිසයිල සහ දිස්ට්‍රෝය වර්ගයේ යුද නෞකා ද මැදපෙරදිග කලාපයට යැවීමට සුදානම් බව, විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

    Latest News