ජීවන වියදමට එරෙහිව නයිජීරියානු ජනතාව වීදි බසී

අගෝ 02, 2024

    නයිජීරියාවේ දෙවැනි විශාලතම ප්‍රාන්තය වන “කැනෝ” ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

    එරට අධික ජීවන වියදමට එරෙහිව විරෝධතා උත්සන්න වීම ඊට හේතුවයි. නයිජීරියාවේ අධික ජීවන වියදමට එරෙහිව රට පුරා බොහෝ ව්‍යාපාර වසා දමමින්, විරෝධතා පැවැත්වෙනවා. ඇතැම් පිරිස් කොල්ලකෑම් සහ දේපළ විනාශ කිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වීම හේතුවෙන් “කැනෝ” ප්‍රාන්තයට මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති බවයි, නයිජීරියානු බලධාරීන් පවසන්නේ.

    එරට සියලුම ප්‍රධාන නගරවල ජනතාව විවිධ සටන් පාඨ කියමින් වීදි බැස ඇති අයුරු දක්නට හැකියි. “කැනෝ” ප්‍රාන්තයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය, කදුළු ගෑස් මෙන්ම, උණු ජල ප්‍රහාර එල්ල කළ බවයි, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්. සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කෙරුණු විරෝධතා දින 10 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Latest News