හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමි අපවත් වෙති

අගෝ 02, 2024
    කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්ය ගලබොඩ ඥානිස්ස හිමියන් අපවත් වුණා. උන්වහන්සේ පසුවූයේ 81 වැනි වියේ.

    කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අද අපවත්වී තිබෙනවා.

    1943 දෙසැම්බර් 14 වැනිදා මාතර ගලබොඩදී උපත ලද ඥානිස්සර හිමියන් ''ගංගාරාම පොඩි හාමුදුරුවෝ'' ලෙසින් ජනතාවගේ ආදරයට පාත්ර වුණා.
     
    මල්වතු පාර්ශ්වය 2003 වසරේදී උන්වහන්සේට බස්නාහිර පළාතේ සංඝනායක ධුරය පිරිනැමුවා.
     
    උන්වහන්සේ, ආගමික සහ ශාසනික සේවා රැසක පුරෝගාමි මෙහෙවරක් ඉටු කළා. තරුණ පිරිසට වෘත්තිය පුහුණුව ලබාදීමටද ක්රියා කළ යථිවරයානන් වහන්සේ නමකද වනවා.

    Latest News