අරගලකරුවන්ගේ පෙත්සම් හතරක් විභාගයට අවසර

අගෝ 01, 2024
    අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලිසිය විසින් අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
    එම සිද්ධීන් වලට අදාළවම ඉදිරිපත් කෙරුණු තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් නිෂ්ප්‍රභ කිරීමට ද විනිසුරු මඩුල්ල තීන්දු කළා.
    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව විජිත් මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    Latest News