ග්‍රෑන්ඩ්පාස් ඝාතනයේ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

ජූලි 31, 2024
    ග්රෑන්ඩ්පාස් ප්රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසිය පැවසුවේ, ඝාතනය සිදුකළ වෙඩික්කරු, යතුරු පැදිකරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ලගයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවරුදු 26, 37 සහ 45 යන වයස් සීමාවල පසුවන ඔරුගොඩවත්ත සහ වැල්ලම්පිටිය යන ප්රදේශවල පදිංචිකරුවන්.
     
    පසුගිය 25 වනදා ග්රෑන්ඩ්පාස් වඳුලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී ත්රීරෝද රථයක සිටි පුද්ලගලයෙකුට සහ කාන්තාවකට වෙඩි තබා එම ඝාතනය සිදුකර පලාගොස් තිබුණා.
     
    සිද්ධියෙන් මියගිය කාන්තාව මත්ද්රව්ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙක් බව පොලීසිය පවසනවා.

    Latest News