ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අධිකරණයෙන් ලැබුණු නියෝගය

ජූලි 30, 2024
    අමාත්යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරු ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු සභාපති මෛත්රිපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

    මෙම නඩු අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

    ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වනදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කෙරුණා.
     
    පෙත්සම්කාර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන මහත්වරු කියා සිටින්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් අත්තනෝමතික ආකාරයට ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
     
    එම තීරණ බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු ගොනුකර තිබෙනවා.

    Latest News