දියේ ගිලී කොරියානු කතක් මරුට

ජූලි 14, 2024
    වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ඊයේ (13) දී පස්වරුවේ අදාළ කාන්තාව මෙසේ අනතුරට ලක් වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

    එම විදෙස් ජාතික කාන්තාව දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඇය ගොඩට රැගෙන මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
    රෝහල් ගත කරන විටත් ඇය මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතිනවා.

    Latest News