ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තවත් පෙත්සමක්

ජූලි 12, 2024
    ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නැති නිසා ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. ඒ, ශ්රේෂ්ඨාධිකරණය හමුවේ.

    නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනය තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 70 වැනි ව්යවස්ථාව සංශෝධනය කර, තේරීපත් වන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසු, විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවයි පෙත්සම්කරු පවසන්නේ.

    එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් තීන්දු කර තිබුණද, එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බවද පෙත්සම්කරු කියා සිටිනවා.
    එය අනුමත වී ජනාධිපතිවරයා අත්සන් තබා නොමැති නිසා නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවයි පෙත්සම්කරු අවධාරණය කරන්නේ.
     
    මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් මෙන්ම, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා ද නම් කර තිබෙනවා.
     
    19 වැනි සංශෝධනය එලෙස අනුමත නොකර, ජනාධිපතිවරාගේ නිල කාලය වසර 5 ක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාම තුළින් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කරන බවටද පෙත්සම්කරු චෝදනා කරනවා.
     
    මින් ජනතාවගේ මූලික අයිතිවාසිකවම් උල්ලංඝණය වී ඇති බවට මෙන්ම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙසටද නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News