ඩුබායිහිදී ඇල්ලූ අපරාධකරුවෝ මෙරටට

ජූලි 12, 2024
    ශ්රී ලංකාව තුළ මනුෂ්ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායිහි සැගවී සිටි ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (12) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා.
     
    ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යේෂ්ඨ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින්.
     
    මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇති එක් අයෙකු වන්නේ, නුගේගොඩ පදිංචි 48 හැවිරිදි කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් ‘බබී’ නමැති අයයි.
     
    මට්ටක්කුලිය සමිට්පුර ප්රදේශයේ පදිංචි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා අනෙක් තැනැත්තායි. ඔහු 26 හැවිරිදි අයෙක්.
     
    ඔවුන් අද අලුයම 5.10 ට පමණ ඩුබායි සිට ශ්රී ලංකන් ගුවන් සේවයේ යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණා.
     
    පොලිසිය සඳහන් කළේ, දිමුතු චතුරංග නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙතත් දිනේෂ් සාමන්ත ද සිල්වා යන අය නාරහේන්පිට මනුෂ්ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙතත් බාර දීමට නියමිත බවයි.

    Latest News