දුම්රිය වර්*ජනය අවසන්

ජූලි 11, 2024

    ප්‍රවාහන මහාමාර්*ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එළැඹුණු එකඟතාවලට අනුව අද (07/11) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය අතහැර නැවත සේවයට වාර්තා කිරීමට වර්ජනයෙන් නිරත වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.  

    ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12 වන විට සේවයට වාර්තා කරන නිලධාරින් වෙනුවෙන් කිසිදු විනය ක්‍රියාමාර්ගයක්‌ නොගන්නා බවට අමාත්‍යවරයා වෘත්තීය සමිති නිලධාරින් වෙත දැනුම් දී තිබෙනවා.  එලෙස සේවයට වාර්තා නොකරන නිලධාරීන් සිටිනම් ඔවුන් සම්බන්ධව නිත්‍යානුකූලව ක්‍රියාකරන බවද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළා.  ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ද සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේදී පැවැත්වුණා.

    Latest News