රන් දොර උරුමයෙන් විවරවන මහල් නිවාස හිමියන්ගේ සිහිනය

ජූලි 11, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවකට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස හිමියන් 50,000කට  සින්නක්කර ඔප්පු පිරිනැමීම මේ මස 17 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරෙනවා.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා පවසන්නේ කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට මුද්දර හා නොතාරිස් ගාස්තු ලෙස රුපියල් මිලියන 515ක මුදලක් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකගත්වය පළ කර ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ, 2024 අයවැය අනුමත සීමාවට අනුව අදාළ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි.

    මෙම මුදල මහා භාණ්ඩාගාරය විසින් ලබා දී ඇත්තේ කොළඹ මහල් නිවාස 03ක හිමිකම් ඔප්පු ප්‍රදානය සදහායි. සමාරම්භක උත්සවයේ දී නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිදු සෙත්පුර, සිරිසර උයන හා මෙට්‍රෝ නිවාස සංකීර්ණය යන නිවාස සංකීර්ණවල මහල් නිවාස හිමියන් හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණ වල නිවැසියන් 1,500කට පමණ හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතය. 

    මෙම මහල් නිවාස හිමියන් බහුතරයකට අදාළ හිමිකම නොතිබීම නිසා ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව තිබුණා. මෙම ඔප්පු ලබා දීමේ දී රජය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගත් බවත් සහාධිපත්‍ය කළමණාකරන අධිකාරියේ සහතිකය ලබා ගත් සියලුම මහල් නිවාස සදහා මෙම ඔප්පු ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    Latest News