හිරුණිකාගේ ඇප ඉල්ලීමේ විභාගය මේ මස 15

ජූලි 11, 2024
     
    බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් අද ලිඛිතව සිය විරෝධය කොළඹ මහාධිකරණය හමුවේ භාරදුන්නා.

    මෙම ඇප ඉල්ලීම අද කොළඹ මහාධිකරන විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විරෝධතා රජයේ නීතිඥවරයා විසින් භාරදෙනු ලැබුවා.

    ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
    2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.
    එම දඬුවමට එරෙහිව තමා අභියාචනාදීකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2024 10:09

    Latest News