පරාජය වූ වැය ශීර්ෂත් අද යළි පාර්ලිමේන්තුවට

අප්‍රේ 03, 2019

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අද (3) පාර්ලිමේන්තුවේ දී පවැත්වීමට නියමිතයි. අමාත්‍යාංශ තුනකට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද සිදුකෙරේ.

    ඒ අනුව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය,වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය,කඳුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

    අය-වැය කාරක සභා අවස්ථා විවාදයේ දී විපක්‍ෂය විසින් පරාජයට පත්කළ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ අද(3) යළි පාර්ලිමේන්තුවේ දී සම්මත කරගැනීමට නියමිත වේ. ඒ අනුව මෙම වැය ශීර්ෂ පරිපූරක ඇස්තමේන්තු ලෙසින් අද පාර්ලිමේන්තුවේ දී අය-වැය කාරක සභා අවස්ථා විවාදයට පෙර හෝ ඉන් පසුව ඉදිරිපත්කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළවී තිබේ.

    මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයත්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් පසුගිය 28 වැනිදා විපක්ෂය විසින් පරාජයට පත්කළේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (2) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම වැය ශීර්ෂ යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මතකර ගැනීම සඳහා අනුමැතිය හිමිව තිබේ.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 07:22

    Latest News