කාලගුණයේ වෙනසක් විටින් විට වැස්සක්

ජූලි 05, 2024
    අද (05) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමෙන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකයි.

    උතුරු සහ උතුර-මැද පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව දැනුම් දී තිබෙනවා.
     
    ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
     
    මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමෙන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

    Latest News