update-මතින් නිදහස් රටක් වෙනුවෙන් "බක්මහ දිවුරුම" ඇරඹේ

අප්‍රේ 03, 2019

    මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම‘ ප්‍රතිඥාව ලබාදීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    (මතින් නිදහස් රටක් වෙනුවෙන් "බක්මහ දිවුරුම"-පෙ.ව7.02)

    මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම‘ දීප ව්‍යාප්තව අද (3) සිදු කිරීමට නියමිතයි.

     එහි ප්‍රධාන උත්සවය අද පෙරවරු 8.15ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට එක්කර ගැනීමට නියමිතව තිබේ.

    ඊට අමතරව පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වීමට නියමිතව තිබෙන අතර මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරේ. ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවයේ සියලුදෙනා ද පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක්කර ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    අප්‍රේල් 3දා පෙරවරු 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක්කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර පෙරවරු 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදුකෙරේ.

    දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක්වීමට නියමිතව තිබෙන අතර ඒ අනුව පෙරවරු 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද, පෙරවරු 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරයි.

    මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරයි.

    Last modified on බදාදා, 03 අප්‍රේල් 2019 08:42

    Latest News