අල්ලස් කොමිසම භාරයට ගත් සැප වාහනවල‍ට අධිකරණයෙන් නියෝගයක්

ජූනි 14, 2024
    නීති විරෝධී ලෙස වැරදි තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර මෙරටට ගෙන්වීමෙන් පසුව අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී වාහන පහක් ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    රුපියල් කෝටි 60 ක පමණ වටිනාකමකින් යුත් මෙම වාහන නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒම නිසා රජයට රුපියල් මිලියන 300 පමණ බදු අහිමි වූ බවත් අල්ලස් කොමිසම සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබුණා.

    මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ නියෝග මත ඒවා අත් අඩංගුවට ගෙන තම බාරයට ගැනීමට අල්ලස් කොමිසම විසින් කටයුතු කර තිබුණා.
    ඉන් අනතුරුව වැඩිදුර විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ වාහන ශ්‍රී ලංකා රේගුවට බාර දෙන ලෙසත් නියෝග කළා.

    Latest News