කුකුල් චමින්දගේ අමානුෂික පහරදීම වීඩියෝ කළ පුද්ගලයාට තෑග්ගක්

ජූනි 12, 2024
    පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී කුකුල් චමින්ද නැමති පුද්ගලයා විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ සංසරණය වුණා.

    ඔහු එම දැරියට පහරදෙන අවස්ථාවේ, කුකුල් චමින්ද ගේ තර්ජන හමුවේ වීඩියෝ කළ තරුණයාට අද (12) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධාන්නත්වයෙන් පැවති උත්සවයකදී විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමුණා.

    එසේම මෙම අවස්ථාවේදී තරුෂ සඳරුවන් කොඩිකාරට පොලිස්පති ප්‍රණාම ද පිරිනැමුණා.
    ඔහුගේ එම වීඩියෝව මත ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශය කුකුල් චමින්ද ව අත්අඩංගුවට ගැනීමට කි්‍රයාත්මක වුණා.

    Latest News