කොකේන් ගුලි ගිල්ල උගන්ඩා ජාතිකයා දැලේ

ජූනි 09, 2024

    ඊයේ (08) උදෑසන කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී පොලිස් මත්ද්‍රවය කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර මත්ද්‍රව්‍ය ගුලි ගිල කටාර් රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි විදේශිකයකු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක උගන්ඩා ජාතික තරුණයෙකි. සැකකරු මත්ද්‍රවය ගුලි වශයයන් ගිල පැමිණ ඇති අතර, ඔහු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගිල දමා තිබූ කොකේන් මත්ද්‍රවය ගුලි 14 ක් ඊයේ වන විට පිට කර ඇත.

    පොලිස් මත්ද්‍රවය කාර්යංශයේ ගුවන් තොටුපල ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Last modified on ඉරිදා, 09 ජූනි 2024 11:12

    Latest News