හෙට නුවර යනවනම් මෙන්න පාරවල්

ජූනි 07, 2024

    හෙට එනම් 2024.06.08 දින කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දෙපස පිහිටි අවදානම් ගස් සහ දිරාගිය අතු කොටස් ඉවත් කිරීම හා අවදානම් පාෂාණ කොටස් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් හෙට පෙරවරු 10.00 සිට අනිද්දා එනම් 2024.06.09 පෙරවරු 06.00 දක්වා සිදුකිරීමට සූදානම් කර ඇත.

    එම කාලය තුළ මාර්ගය කඩින් කඩ විවෘත කිරීමට කටයුතු කරන බවත් 2024.06.08 දින සවස 06.00 සිට පැය 03ක කාලයක් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. ඒ හේතුවෙන් එම කාල සීමාව තුළ කොළඹ මහනුවර මාර්ගය භාවිත කරන මහජනතාව විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන මෙන් දන්වා ඇත.

    විකල්ප මාර්ග

    *  කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොල, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරට ද

    *  කෑගල්ල කරඬුපාන හරහා රඹුක්කනට හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරටද

    *  මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගය ඔස්සේ මහනුවරට ද

    පිවිසිය හැකි බව පොලිසිය මහජනතාව වෙත දන්වා ඇත.

     

    අදාල මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත...............

    Poloce

     

    Latest News