වතුර අඟලක් ගෙට ආවත් වන්දි - හානි වූ නිවාස රජයේ විය‍දමෙන් යථා තත්වයට

ජූනි 07, 2024

    ‍ගං වතුරින් පීඩාවට පත් සෑම නිවසකටම රුපියල් 10,000 ක දීමනාවක් ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා.

    ආපදාවන්ගෙන් අර්ධ හා පූර්ණ හානි සිදුවූ සියලු නිවාස සහ ගොඩනැගිලි පිළිබඳ තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජල ගැලීමට ලක්වූ කොලොන්නාව ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමේ නිරීක්‍ෂණ චාරිකාවකට අද එක්වෙමින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව කියා සිටියා. ගං වතුරින් හානි සිදුවූ ප්‍රදේශයේ නිවාස නිරීක්‍ෂණය කළ ඔහු විපතට පත් ජනාතව වෙනුවෙන් කොලොන්නාව - ශ්‍රී සම්බුද්ධරාජ පුරාණ විහාරයේ පැවති වෛද්‍ය සායනය වෙත ගොස් එහි කටයුතු ද නිරීක්‍ෂණය කළා.

    අනතුරුව කොලොන්නාව ප්‍රාදේශීය‍ ලේකම් කාර්යාලයේ දී විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වුණා. ඉන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සාලග රත්නායක මහතා කියා සිටියේ, ආපදාවන්ගෙන් පූර්ණ ලෙස හානි වූ සියලු නිවාස රජයේ වියදමින් සහ යුද හමුදාවේ දායකත්වයෙන් ඉදිකර දීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇති බවයි. ඒ අතර තුර, ඖෂධ අවශ්‍යතා ඇති ජනතාවට ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙළක් ද සකස් කර ඇති බව, ඔහු සඳහන් කළා.

    Latest News