පස් කන්දකට පුංචි මල් කැකුළක් මිලින වෙයි

ජූනි 05, 2024
    කෑගල්ල මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවසක් අසල වූ පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක සිඟිත්තකු මිය ගියා.

    මෙසේ මියගොස් ඇත්තේ කවිඳු ෂෙහන්ත නමැති දරුවායි.

    නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට අද උදෑසන සිට ඉවුරක් කපා තිබූ අතර මිය ගිය දරුවා එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේ සිරුර මතට පස් කන්ද වැටී ඇතැයි පොලිසිය පැවසුවා.
     
    අසල්වාසීන්ගේ සහායෙන් දරුවා ගොඩට ගෙන තිබුණද පසුව කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දරුවා මියගොස් ඇති බව වාර්තා වනවා.

    Latest News