ලෝක පරිසර දිනය අදයි

ජූනි 05, 2024

    ලෝක පරිසර දිනය අදයි. '' ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක් '' මෙවර තේමාවයි.

    ලෝක පරිසර දින ජාතික සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්රරමසිංහ මහතාගේ ප්රරධානත්වයෙන් සිංහරාජ කුඩව ප්රිවේෂ මාර්ගය අසලදී පැවැත්වීමට නියමිතයි.

    1974 වසරේදී ''එකම පෘථිවිය'' යන තේමාව යටතේ පළමු ජගත් පරිසර දිනය අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පවත්වනු ලැබුවා.

    පරිසරය සංරක්ෂණය හා ආරක්ෂණය පිළිබඳ ලෝකවාසී ප්රපජාව දැනුවත් කිරීමටත්, දිනෙන් දින පැණනගින ගෝලීය පාරිසරික ගැටලු පිළිබඳව ලෝක නායකයින්ගේ හා ප්රනතිපත්ති සම්පාදකයින්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම පරිසර දිනය සැමරෙනවා.

    ලොව භූමි ප්රමාණයෙන් තුනෙන් එකක් ආවරණය වන පරිදි වියලි භූමි පරිසර පද්ධති අධික ලෙස පරිභෝජනය සහ ඉඩම් නිසියාකාරව පරිහරණය නොකිරීම නිසා පසුගිය දශක කිහිපය තුළ කාන්තාරකරණයේ පරාසය සහ තීව්රමතාව ඉහළ ගොස් තිබෙනවා.

    ජගත් පරිසර දින සමරු වැඩසටහනට සමගාමීව දිවයිනේ විවිධ ප්රෙදේශවල පරිසර වැඩසටහන් පැවැත්වෙනවා.

    Last modified on බදාදා, 05 ජූනි 2024 09:41

    Latest News