රුසියානු වීසා අයදුම් කිරීමේදී  විශ්‍රාමික හමුදා සාමාජිකයන්ට නව නීති

මැයි 29, 2024

    විශ්‍රාමික ආරක්ෂක හමුදා සාමාජිකයන් ඉදිරියේදී රුසියානු වීසා සඳහා අයදුම්කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශ අවසරය අනිවාර්ය කොට තිබෙනවා.

    ඒ, නීති විරෝධී ලෙස රුසියා - යුක්‍රේන යුද්ධයට යොදා ගැනීමේ ජාවාරම වැළැක්වීම සඳහා රුසියාව සහ ශ්‍රී ලංකාව එක්ව ගත් පියවරක් වශයෙන්.  විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් සගර්යාන් මහතා අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්වුණා.

    එහිදී මූලික අවධානයක් යොමු වූයේ යුක්‍රේන - රුසියා යුද්ධය මුල් කරගනිමින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මිනිස් ජාවාරම වැළැක්වීම පිළිබඳවයි. මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට දෙරට එකඟ වී තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී වඩාත් සහයෝගයෙන් මේ කටයුතු පවත්වාගෙන යාම දෙපාර්ශවයේ අරමුණයි.

    Latest News