නීති විරෝධීව රත්‍රන් ගෙන්වූ ආයතන 05කට වැඩ වරදී

මැයි 29, 2024

    වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ ආයතන 5කට රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    අදාළ ආයතන අතරින් එක් ආයතනයකට රුපියල් මිලියන 179ක ගෙවීමට නියම වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  මින් ඉදිරියට රන්භාණ්ඩ ආනයන සිදුකරන බලපත්‍රලාභී සියලු ආයතන මෙම නීති විරෝධී ක්‍රියාවන් වෙතින් මිදිය යුතු බවත් අවධාරණය කළ අමාත්‍යවරයා අදාළ ආයතන ඍජුව ආනයනය නොකර තුන් වැනි පාර්ශ්ව මගින් මිලදී ගන්නා රන් සඳහා ද නිෂ්පාදන වාර්තා සලකා බලා දඩ මුදල අය කරගන්නා බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.  

    නීති විරෝධී ලෙස රට තුළට රන් ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය වකවානුව තුළ අනාවරණය වූ සිදුවීම් සැලකිල්ලට ගෙන මෙරට රන් ජාවාරම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් මත රන් භාණ්ඩ ආනයනයේ දී හඳුනාගත් සීමා පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ දී නිකුත් කරන ලදී.

    Latest News