කෝටි 06 ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු කොටු

අප්‍රේ 11, 2024
    රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විසින් අදාළ මත්ද්රව්ය තොගය ග්රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.

    එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්රෑම් එකයි ග්රැම් 105ක තොගයක් සහ මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 750,000ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
     
    සැකකරු වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු වන අතර ඔහු දැනට ඩුබායිහි සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන 'කෙසෙල්වත්ත දිනුකගේ' ගෝලයෙක් බවට අනාවරණය වී ඇත.
     
    අත්අඩංගුවට ගත් සැකකරු අද (11) මාළිගාකන්ද අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2024 10:19

    Latest News