පොඩ්ඩන්ට අවුරුදු සමරන්න ඉස්කෝලේ නිවාඩු

අප්‍රේ 10, 2024
    මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් (10) අවසන් වනවා.

    ඒ අනුව, රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්යාපන අමාත්යංශය සඳහන් කළා.

    පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙම මස 24 වැනි බදාදා දින ආරම්භ වනවා.
     
    මේ අතර මුස්ලීම් පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 17 වැනි බදාද දිනයේ ආරම්භ වන බවයි, අධ්යාපන අමාත්යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News