පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙකු මරුට

අප්‍රේ 08, 2024
    පාදුක්ක, අංගමුව ප්රදේශයේ දී සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇත.

    කෙසේවෙතත් පොලීසියට එයට ප්රතිප්රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
     
    එලෙස මියගොස් ඇත්තේ ශ්රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන ඇත.
     
    පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්ය ඝාතනය සිදුකළ ප්රධාන සැකකරු බවයි.

    Latest News