අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් දෙදෙනෙකු පලායයි.

මාර් 29, 2024

    අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.

    අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකුයි මෙසේ අද දහවල් පලාගොස් ඇත්තේ. එක් සැකකරුවකු අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ හා අනෙක් සැකකරු කැලණිය ප්‍රදේශයේ සැකකරුවෙකු බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ. සිරකරුවන් සොයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

    Latest News