එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්‍ත, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ද මේ හමුවට එක්වූහ. වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්ගේ සංවිධානයෙන් පැවති එම හමුවට චීනයේ වෙසෙන ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුහු ද සහභාගි වූහ.
හයිනාන් පළාතේ පැවැත්වෙන බෝආඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා චීනයට පැමිණි අගමැතිවරයා පස්දින නිල සංචාරයක නිරත වනු ඇත.