සුපිරි වීරයාට හදිසි සැත්කමක්

මාර් 26, 2024
    බටහිර සිනමාවේ සුපිරි වීරයා 'ආනොල්ඩ් ස්වසනේගර්' තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.

    ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙනවා.

    එමගින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් හෘද සැත්කම් 3 කට මීට පෙර මුහුණ දී ඇති බවත් මේ වනවිට pacemaker උපකරණයක් සවිකර ඇති බවයි.
     
    දැන් තමන් සතුව terminator චරිතයට සමාන ආකාරයේ යන්ත්රයක් ඇති බවත්, ඔහු පවසා තිබෙනවා.
     
    තමන්ට කායවර්ධනයෙන් විවේක ගැනීමට සිදුවන බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.
     
    ආර්නොල්ඩ් ලොවපුරා ජනප්රියත්වයට පත්වූයේ “කොමාන්ඩෝ” ක්රියාදාම චිත්රපට පෙළ හරහායි.

    Latest News