කෙහෙළියගෙන් අධිකරණයට ඇප අයදුම්පතක්

මාර් 15, 2024
    තමන්ව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිතීඥවරුන් මාර්ගයෙන් අද කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන අයඳුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඔහු ඉල්ලා ඇත්තේ, තමන්ව ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

    ‍‍ප්රමිතියෙන් තොර ප්රතිජීවක එන්නත් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු සෞඛ්ය අමාත්කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හැරීම, මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ ප්රතික්ෂේප කරනු ලැබුවා.
     
    ඒ අනුව, නඩු විභාගය අවසන් වන තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට අධිකරණය නියෝග කළා.
     
    කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඇප අයඳුම්පත තුළින් කියා සිටින්නේ, පොදු දේපල පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ගේ ඇප ඉල්ලීම් ප්රතික්ෂේප කිරීමට මහේස්ත්රාත්වරිය දුන් තීන්දුව නීතියට පටහැනි බවයි.
     
    ඒ අනුව , තමන්ව ඕනෑම කොන්දේසියක් මත ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රඹුක්වැල්ල මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News