ට්‍රිප් යනවනම් මෙන්න කෝච්චි

මාර් 08, 2024

    දීර්ඝ සති අන්තය වෙනුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ විශේෂ දුම්රිය ගමන් වාර කීපයක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සහ කන්කසන්තුරේ අතර කොටසෙහි ද සති අන්ත විශේෂ මගී දුම්රිය ගමන්වාර අද (8) සිට 10 වැනිදා ක්‍රියාත්මකයි.

    ඒ අනූව, අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.00ට කන්කසන්තුරය දක්වා ද, කන්කසන්තුරය සිට පස්වරු 4.30 ට අනුරාධපුර දක්වා ද එම දුම්රිය ධාවනය වනවා.

    උඩරට දුම්රිය මාර්ගය තුළ ධාවනය වන විශේෂ දුම්රිය ගමන් වාර වන්නේ,

    ● මාර්තු 8 – පෙ.ව. 7.30 කොළඹ කොටුව – බදුල්ල

    ● මාර්තු 10 – පෙ.ව. 7.45 බදුල්ල – කොළඹ කොටුව

    ● මාර්තු 7, 8 සහ 10 – ප.ව 7.30 කොළඹ කොටුව – බදුල්ල

    ● මාර්තු 7, 8 සහ 10 – ප.ව 5.20 බදුල්ල – කොළඹ කොටුව

     

    Latest News