පොතුහැර බිහිසුණු අනතුර ජීවිත 3ක් බිලිගනී

මාර් 06, 2024
    පොතුහැර, බුළුගොල්ල හංදිය ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
    අනතුර සිදුව ඇත්තේ, කුරූණෑගල දෙස සිට කොළඹ දක්වා ධාවනය වු එළවළු ප්රවාහන ලොරියක් සහ ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්.
     
    අනතුරින් ත්රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි තිදෙනෙකු මියගොස් තිබෙනවා.
     
    මියගිය පුද්ගලයින්ගේ අනන්යතාව මෙතෙක් තහවුරු නැති බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.
     
    ලොරි රථයේ රියදුරු පොතුහැර පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනුණා.
    Last modified on බදාදා, 06 මාර්තු 2024 08:46

    Latest News