ග්‍රාම නිලධාරි සම්මුඛ පරීක්ෂණ කැඳවයි

පෙබ 29, 2024

    නව ග්‍රාම සේවා නිලධාරි බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මාර්තු මස 13,14 සහ 15 වන තෙදින පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.

    සම්මුඛ පරී­ක්ෂණ පැවැ­ත්වී­මෙන් අන­තු­රුව, ග්‍රාම නිල­ධා­රීන් 2002 දෙනකු ඉතා කඩි­න­මින් රාජ්‍ය සේව­යට එක් කර ග්‍රාම නිල­ධා­රි­ව­රුන්ගේ පව­තින පුර­ප්පාඩු පිර­වී­මට කට­යුතු කරන බව ස්වදේශ කට­යුතු රාජ්‍ය ඇමති අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

    පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ග්‍රාම නිල­ධා­රින්ගේ පව­තින ගැටලු පිළි­බඳ සොයා බැලීමේ විශේෂ සාක­ච්ඡා­ව­කට ඊයේ (28) එක්වෙ­මින් රාජ්‍ය අමාත්‍යව­රයා මේ බව සඳ­හන් කළා.

    ඒ අනුව 2023 දෙසැ­ම්බර් මස 02 වැනි දින පැවැති ග්‍රාම නිල­ධාරි විභා­ග­යෙන් සමත් 4232ක් සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා සහ­භාගි වීමට නිය­මිත අතර සම්මුඛ පරී­ක්ෂ­ණ­යට අදාළ ලිපි විභා­ගය සමත් පුද්ග­ල­යන්ගේ ලිපින වෙත ඉදි­රි­යේදී යොමු කිරී­මට නිය­මි­තව තිබෙනවා.

    Latest News