STF වෙඩි පහරින් සංවිධානාත්මක අපරාධකරුවෙකු මරුට

පෙබ 28, 2024

    මිනීමැරුම් සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී එම සැකකරු මියගොස් තිබෙනවා. 

    අද අළුයම වෙඩි හුවමාරුව සිදුව ඇත්‍තේ,  සූරියවැව ආඬිගම වැව ප්‍රදේශයේදී.  

    පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවිසැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ, වෙඩික්කරු පැමිණි යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. 

    සැකකරු අත්අඩංගුවට ගැනීමට එම ස්ථානය වැටලූ අවස්ථාවේ සැකකරු ක්‍ෂණිකව වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර, විශේෂ කාර්ය බලකා නිලධාරීද ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා. 

    මියගිය පුද්ගලයා 45 වැනි වියේ පසුවූ ශ්‍රී ලංකා යුදහමුදාවේ සේවය කර විශ්‍රාමගිය අයෙකු බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.  ඔහු සත්කයේ තිබී රිවෝල්වරයක් සහ යතුරුපැදියක් පොලිස් බාරයට ගැනුණා.

    Latest News