නොයෙල් ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි

පෙබ 22, 2024
    ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක නොයෙල් ප්රියන්ත මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

    ඔහු පසුගියදා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සිදුකරන ලද ප්රකාශයක් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඒ සම්බන්ධයෙන් පසුව ඔහු සිය කණගාටුව ප්රකාශ කරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

    විදුලිබල අමාත්ය කංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් නොයෙල් ප්රියන්ත මහතා ඉල්ලා අස්වූ බව නිවේදනය කර තිබුණා.
     
    දරුවන්ට පාඩම් කිරීමට කුප්පි ලාම්පු එළිය ප්රමාණවත් බවට ඔහු කළ ප්රකාශයක් සම්බන්ධයෙනුයි, මෙම ආන්දෝලනාත්මක තත්ත්වය ඇතිවුණේ.
     
    මේ අතර, විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශකවරයාගේ ප්රකාශය ගැන සොයා බලා විනය පියවර ගන්නා බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළා.
     
    අදාල ප්රකාශයේ සත්ය අසත්යතාව මත නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා බව කියා සිටි අග්රාමාත්යවරයා මෙම ප්රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාට ද සිය ස්තූතිය පළ කළා.

    Latest News