අද අව්ව භයානකයි

පෙබ 22, 2024
    පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොණරාගල යන දිස්ත්‍රික්කවල අද (22) දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

    මේ සම්බන්ධයෙන් ජනතාව අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න මහතා පවසනවා.
    පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සමඟ ළමුන් අතර සමේ රෝග වර්ධනය වීමක් දක්නට ලැබෙන බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.
    පවතින තත්ත්වය හමුවේ දරුවන් හිරු එළියට නිරාවරණය කිරීම සීමා කළ යුතු බව එතුමා වැඩිදුරටත් සඳහන් කළා.
     
    අදාළ නිවේදනය පහතින්.
     
    65d6c781472d5
     
    65d6c78155b98
    Last modified on බ්‍රහස්පතින්දා, 22 පෙබරවාරි 2024 09:47

    Latest News