ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරග කාලසටහන මෙන්න

පෙබ 20, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. 

    ඒ අනුව 20-20 තරග 3ක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙම තරග සංචාරය සඳහා ටෙස්ට් තරග දෙකක්ද ඇතුළත්.

    තරගාවලියේ 20-20 තරග මාර්තු මස 4, 6 සහ 9 යන දිනවල පැවැත්වීමට නියමිත අතර එක්දින තරග මාර්තු මස 13,15 සහ 18 වැනිදා පැවැත්වෙනු ඇති. 

    පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, මාර්තු 22 වැනිදා වන අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වේ.

    තරග සංචාරය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නික්තුකළ නිවේදනය පහතින්

    Untitled 1

     

    Latest News