2023 ශිෂ්‍යත්ව සමත් හපනුන්ට විශේෂ නිවේදනයක්

පෙබ 13, 2024
    2023 වර්ෂයේ පැවති 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත සිසුන්ට 2024 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා අදාළ අභියාචනා මාර්ගගත ක්‍රමයට හෙට සිට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

    ඒ සඳහා වන කාලය ලබන 29 වනදායින් අවසන් බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස උපරිම වශයෙන් පාසල් තුනක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
     
    Untitled

    Latest News