උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

පෙබ 10, 2024

    නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වූ 1159 මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇණ හිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (10) අලුයම 4.00 සිට යලි යථා තත්වයට පත් කළ බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

    දුම්රිය පීලි පැනීමකට ලක්ව දුම්රිය මාර්ගය අසල තිබූ කන්දක ගැටීමෙන් දුම්රිය එන්ජිමටද බරපතල ලෙස හානි සිදුව තිබූ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කර ඇත්තේ.

    Latest News