ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

පෙබ 10, 2024
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබෙනවා.

    ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරනවා.

    මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

    Latest News