කොළඹ - කටුණායක අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට පොලිසියෙන් පණිවිඩයක්

පෙබ 09, 2024

    අධිවේගී මාර්ගයේ නව කැළණි පාලමේ සිට වරාය දෙසට පිටවන ඉඟුරුකඩේ දොරටුවේ අලුත්වැඩියා කටයුත්තක් 2024.02.09 එනම් අද දින රාත්‍රී 09.00 සිට 2024.02.12 වන දින අලුයම 05.00 දක්වා සිදුකිරීමට නියමිත බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය දැනුම්දී තිබෙනවා.

    ඒ අනුව, කටුනායක සිට කැළණි පාලමට ඇතුළුවී වරාය දෙසට ගමන් කරන මංතීරුව පමණක් ඉහත දිනවල වසා තැබීමටත්, ඔරුගොඩවත්ත මංසන්ධියේ සිට කැළණි පාලමට ඇතුළුවී වරාය පිවිසුම (ඉඟුරුකඩේ හංදිය දෙසට යන) පාලමේ මැද කොටසින් වසා තැබීමටත් කටයුතු කරන බව පොලිසිය විසින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

    අධිවේගී මාර්ගයේ කටුනායක සිට කොළඹ දක්වා ගමන් කරන වාහනවලට හා ඔරුගොඩවත්තෙන් ඇතුළු වී කටුනායක දක්වා ගමන් කරන වාහනවලට මෙයින් බාධාවක් ඇති නොවන බවත්, මෙම අලුත්වැඩියාවන් සිදුකරන කාලය තුළ ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය මාර්ගයේ දෙමටගොඩ, පෑලියගොඩ, මීගමුව පාර, මත්ස්‍ය වෙළෙඳ සැල අසල, නුවර පාර තොරණ හංන්දිය යන ස්ථානවල මහජනතාව දැනුවත් කිරීමේ පුවරුද සවිකර ඇති බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    Latest News