අනුර කුමාර මහතාගේ ඉන්දීය සංචාරය

පෙබ 05, 2024

    ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවක් අද (05) සිදුවුනා.

    ඒ ඉන්දියානු විදේශ අමාත්‍යාංශයේදී.

    එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරන්නේ.

    දෙපාර්ශවය අතර අනෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

    මෙම සංචාරය සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරුන්ද සහභාගි වී සිටිනවා.

    Last modified on සදුදා, 05 පෙබරවාරි 2024 17:50

    Latest News