රාජගිරියට නව රථවාහන සැලැස්මක් එයි

මාර් 30, 2019

    ලබන අප්‍රේල් දෙවැනි දින සිට රාජගිරිය හරහා කොළඹ දෙසට නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.

    ඒ බස් රථ සඳහායි. රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමෙන් පසු ඊට සමගාමීව අතුරු මාර්ගවල ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතියි. පාලම ඉදිකිරීමෙන් පසු ඊට සමගාමීව අතුරු මාර්ගවල ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතියි. පාලම ඉදිකිරීමෙන් පසු රාජගිරිය මංසන්ධියේ රථ වාහන හැසිරිවීම සාර්ථකව සිදුවුවද, කොළඹ දෙසට රථ වාහන ඇතුළු වීමේ දී ආයුර්වේද වටරවුම අසළ බාධා ඇති වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ වම් මංතීරුවේ ධාවනය වන බස් රථ ආයුර්වේද වට රවුම හරහා කොටා පාරට හැරවීමේදී. බස් නැවතුම පාර්ලිමේන්තු මාර්ගයේ පවතින බැවින් පාර්ලිමේන්තු මාර්ගය හා කොට පාර අතර පදිකයින් නිරන්තරයෙන් පාර මාරු වීම නිසා ද රථ වාහන හැසිරවීමට බාධා එල්ල වී තිබේ. ඊට විසඳුමක් ලෙස පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වන බස් රථ, ගුවන් පාලම යට වැලිකඩ මංසන්ධියෙන් කොට පාරට හරවා ඒ ඔස්සේ, ආයුර්වේද මංසන්ධිය දක්වා ධාවනය කරවීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනූව, රාජගිරිය ගුවන් පාලම යට දැනට ඇති බස් නැවතුම් වෙනුවට රාජගිරිය නගරයේ කොට පාරේ පිහිටි බස් නැවතුම යොදා ගැනීමට නියමිතයි. ආයුර්වේද මංසන්ධියේ පාර්ලිමේන්තු මාර්ගයේ ඇති බස් නැවතුම වෙනුවට යොදා ගැනෙන්නේ ආයුර්වේද රෝහල ඉදිරිපිට බස් නැවතුමයි.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 11:53

    Latest News