වෙඩි තැබීමකින් හිමිනමක් අපවත් වෙති

ජන 23, 2024

    අද (23) දින මල්වතුහිරිපිටිය පොලිස් වසමේ කහටාන ගණාරාම මහා විහාරස්ථානය තුළ හිමිනමක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    පොලීසිය පවසන්නේ ටී 56 ගිනි අවියක් යොදාගනිමින් CAO-5345 honda දම්පාට කාර් රථයෙන් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

    වෙඩි වැදුණු හිමිනම ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වී ඇත.

    මෙලෙස අපවත්වී ඇත්තේ කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි 45 හැවිරිදි, කළපළුවාවේ ධම්ම රතන නැමති හිමිනමයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.

    Last modified on අඟහරුවාදා, 23 ජනවාරි 2024 15:29

    Latest News