යුක්තියට අදත් 999ක් කොටු

ජන 10, 2024
    අද අලුයම 12.30 න් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 999 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඉන් 31 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත, වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි, පොලීසිය පවසන්නේ.

    මත් ද්රව්යවලට ඇබ්බැහි වූ 26 දෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන වෙත ද යොමු කර තිබෙනවා.
     
    පොලිස් මත්ද්රව්ය නාශක සහ විශේෂ කාර්යාංශවල ලැයිස්තුගතව සිටි සැකකරුවන් 54 දෙනෙකු ඊයේ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
     
    හෙරොයින් ග්රෑම් 453 ක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් 306 ක්, කොකේන් කිලෝග්රෑමයකට ආසන්න ප්රමාණයක්, ගංජා කිලෝග්රෑම් 57 ක්, ගංජා පැල 31,168 ක්, මත් පෙති 234 ක්, මදනමෝදක ගුලි 629 ක්, මාවා, තුල්, ඈෂ් සහ හෂීස් ඇතුළු මත්ද්රව්ය තොගයක්ද ඊයේ සිය බාරයට ගත් බවයි පොලිස් මාධ්ය කොට්ඨාසය පවසන්නේ.

    Latest News