සිසුන් 14 දෙනෙකුගේ දිවි අහිමි කළ සරසවි සිසුවා

දෙසැ 22, 2023
    චෙක් රාජ්‍යයේ ප්‍රාග් නගරයේ විශ්ව විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. වෙඩි තැබීම සිදු කරනු ලැබ ඇත්තේ, එම විශ්වවිද්‍යාලයේම 24 හැවිරිදි සිසුවෙකු විසින්.

    මෙම සිද්ධිය වාර්තා වූයේ ප්‍රාග් අගනුවර මධ්‍යයේ පිහිටි චාල්ස් විශ්ව විද්‍යාලයෙන්. තුවක්කුකරු විශ්වවද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙකු බව පොලීසිය සහ චෙක් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
    පොලිස් වෙඩි පහරකින් තුවක්කරුකුරුද ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා. ඔහුගේ වෙඩි තැබීමේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නැහැ. සැකකරුගේ පියා මියගොස් සිටියදී ඊයේ සොයා ගනු ලැබුවා.
    ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් කිසිවකුටත් අනතුරුක් සිදුවී නැහැ. ප්‍රාග් නගරය අසල ඉකුත් සතියේද පුද්ගල මරණ දෙකක් සිදුව ඇති අතර, ඒ සඳහාද මෙම සැකකරු සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබදව සොයා බලන බව පොලිසිය සඳහන් කරනවා.

    Latest News