උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස 06කට වැසේ

දෙසැ 09, 2023

    උතුරු දුම්රිය මාර්+ගයේ නවීකරණ ව්‍යාපෘතිය යටතේ එම මාර්+ගයේ කොටසක් මාස 06 ක කාලයකට වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත. 

    ඒ අනුව, උතුරු දුම්රිය මාර්-ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්+ග නවීකරණ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර මාර්+ග නවීකරණ කටයුතු 2024.01.07 දින ආරම්භ කිරීම හේතුවෙන් 2024.01.07 දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා තාවකාලිකව මහව සහ අනුරාධපුර අතර දුම්රිය ධාවනය සිදුනොවන බව මහජනතාව වෙත ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම්දී ඇත. ඒ අනුව 2024.01.07 දින සිට උතුරු දුම්රිය මාර්+ගයේ ධාවන කටයුතු කොළඹ සිට මහව දක්වා පමණක් සහ කන්කසන්තුරේ සිට අනුරාධපුරය දක්වා පමණක් ක්‍රියාත්මක වේ. මේ සම්බන්ධ වෙනත් විමසීමක් වේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 ක්ෂණික ඇමතුම් අංකයෙන් තොරතුරු ලබාගත හැක.

     

     

    Latest News