ආසියාවේ උසම කැරකෙන අවන්හල

දෙසැ 07, 2023
    කොළඹ නෙළුම් කුලුනේ පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 වනදා විවෘත කිරීමට නියමිත බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගම තීරණය කර තිබෙනවා.

    දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස මෙම අවන්හල දෙස් විදෙස් බොහෝ දෙනෙකුට නවමු අත්දැකීමක් වනවා.

    ඒ අනුව මෙම අවන්හල සිට්රස් හෝටල් සමූහය සමග ඒකාබද්ධව ජනතාවට විවෘත කිරීමට නියමිතය.
     
    එය (09) වැනිදා රාත්රී 7.30ට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව රාජ්ය ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියා.

    Latest News